O/L විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

by Staff writer 25-01-2021 | 4:28 PM

COLOMBO (News 1st) : සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ , www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බවයි. අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පති නිර්දේශය සමගින් පෙබරවාරි 03 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.