DMT දිස්ත්‍රික් කාර්යාලයක සේවා නවතී

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක සේවා තාවකාලිකව නවතී

by Sagarika Chathumali 25-01-2021 | 2:06 PM

COLOMBO (News 1st) : මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මතු වූ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි. මේ අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, ආයතන පරිශ්‍රයේ සෞඛ්‍යාරක්ෂිත බව කඩිනමින් තහවුරු කර සේවාලාභීන් සඳහා දිස්ත්‍රික් කාර්යාලය කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බවයි.