by Sagarika Chathumali 25-01-2021 | 11:46 AM
COLOMBO (News 1st) : පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, උදෑසන 10ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කළ බවයි.
තුවාලකරු මිය ගොස් ඇත්තේ, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා තවත් අයෙකු සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
සැකකරුවන් සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස්වැසුම් පළඳා යතුරු පැදියකින් පමිණ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලීසිය වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී පතොරම් කොපු 4ක් ද සොයා ගෙන ඇති බවයි.