නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව රැස්වෙයි

නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..

by Staff writer 25-01-2021 | 7:16 AM

COLOMBO (News 1st) -  කොළඹ වරායේ යෝජනා අධ්‍යයන අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස් වෙයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වේ. අමාත්‍ය මණ්ඩල අනු කමිටු ප්‍රධානී, වරාය අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බවය. ඊට අමතරව ජපානය සහ ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම්වල අන්තර්ගත යෝජනා ද කමිටුවේ දීර්ඝ නිරීක්ෂණයකට ලක් කෙරෙන බව, ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව ඒ පිළිබඳ වාර්තාව භාර දීමට නියමිතය. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කොට සම්මුතියකට එළැඹීම සඳහා අමාත්‍ය මණ්ඩලය පසුගියදා පත් කළ කමිටුවට සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළත් වේ.