චීනය - තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු

චීනය - තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු

by Sagarika Chathumali 25-01-2021 | 8:39 AM

COLOMBO (News 1st) : චීනය සහ තායිවානය අතර නොසන්සුන්තා තවදුරටත් උත්සන්න වී තිබේ.

ඒ , අඛණ්ඩව දින 2කදී චීන යුද ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළීමේ යානා සහ සබ්මැරීන් නාශක යානා 28ක්, තායිවාන ගුවන් අවකාශය උල්ලංඝනය කිරීමත් සමගයි. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් පත්වීමත් සමග චීනය සහ තායිවානය අතර මෙම නොසන්සුන්තා උත්සන්න වීම විශේෂත්වයකි. අමෙරිකානු ජනාධිපතිවරයා තායිවානයට දක්වන සහයෝගය කෙතරම්දැයි මැන බැලීම, චීනය එලෙස හැසිරීමේ අපේක්ෂාව බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. චීනය, තායිවානය තමන්ට අයත් භූමි ප්‍රදේශයක් සේ සැළකුව ද, තායිවානය පවසන්නේ තමුන් ස්වාධීන රාජ්‍යයක් බවයි . කෙසේ වෙතත් චීන රජය මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.