by Staff writer 25-01-2021 | 5:16 PM
COLOMBO (News 1st) : ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ඒ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ය.
අදාළ කමිටුව ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත අතර ධීවර සංගම් නියෝජිතයින් ද ඊට ඇතුළත්ය.
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් කරන ධීවර කටයුතු නැවැත්වීම සඳහා ස්ථීර විසඳුමක් ලබා දීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම මෙම කමිටුව මගින් අපේක්ෂා කරන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.