ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග

ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග

by Staff writer 25-01-2021 | 3:17 PM

COLOMBO (News 1st) : ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 01 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරිණි.

ඒ , නඩුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මාහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී ය. ඇවැන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් M.V. ඇවන්ගාඩ් නැමැති නෞකාවෙන් ජීව උණ්ඩ සහ ස්වංක්‍රීය ගිනි අවි ප්‍රවාහනය කිරීම ,සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩුව පවරා තිබේ.