සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

කර්තෘ Staff writer

25 Jan, 2021 | 4:28 pm

COLOMBO (News 1st) : සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ , www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බවයි.

අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පති නිර්දේශය සමගින් පෙබරවාරි 03 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]