
යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – එම්.වී. යුරෝසන් නෞකාවේ අනතුරින් රාවණා පරය ආශ්රිත සංවේදී කලාපයට හානි සිදුව ඇත්දැයි පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ඒ සඳහා නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇති බවයි.
නෞකාවේ අනතුරින් රාවණා පරය ආශ්රිත සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ සලකා බලන බව ද සභාපතිවරිය පැවසුවාය.
අබුඩාබි සිට ත්‍රීකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පෙරේදා පෙරවරුවේ අනතුරට ලක්විය.
ඒ, හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී ගල් පරයක ගැටීමෙනි.
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති එම නෞකාව මෙලෙස අනතුරට ලක්ව තිබුනේ ත්‍රීකුණාමලය වරායට සේන්දු වීමට නියමිතව තිබියදීය.
මීටර 180 ක් දිගැති මෙම නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිටි බව සඳහන් වේ.
- කතරගම පූජා භූමියට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන ඒම තහනම් කෙරේ
- සෞඛ්‍ය සේවකයින්ගේ විශේෂ සේවා මුර ක්‍රමය තවදුරටත්
- නගරයෙන් නගරයට වැලි සමූපකාර
- බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් කෝපා කමිටුව හමුවට
- බටහිර පර්යන්ත ව්‍යාපෘතිය: ලංකා රජය ගැන ඉන්දීය රජයෙන් අනාවරණයක්
- ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යානයක් යොදවයි
- කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
- රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්
- ජාතික හැඳුනුම්පත් තොරතුරු Online ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්..
- කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට අද පැය 20 ක ජල කප්පාදුවක්