by Staff writer 25-01-2021 | 7:09 AM
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ(O/L) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද පාසල් විවෘත කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, බස්නාහිර හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල හැර අනෙකුත් පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති අද ආරම්භ කෙරෙන බවයි.
දුර බැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට ආසන්නතම පාසලට ගොස් අධ්‍යයන කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් ලබාදී ඇතැයි ද ලේකම්වරයා පැවසුවේය.
අවශ්‍යතාව මත සිසු සැරිය බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.