
තවත් ලෝක නායකයෙකුට කොරෝනා
තවත් ලෝක නායකයෙකුට කොරෝනා
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රඩෝර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
67 හැවිරිදි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තමාට සුළු රෝග ලක්ෂණ පෙන්වූ බවත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බවත් ය.
කෙසේ වෙතත් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ දී ජනාධිපතිවරයාගේ දුර්වල ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ඔහුට විවේචන එල්ල විය.
ආර්ථිකයට බලපෑම් වන බව පවසමින් මෙක්සිකෝව තුළ කොරෝනා නීතින් ද ලිහිල් කෙරිණ.
මෙක්සිකෝව සිව් වන ස්ථානයට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති රට වන අතර එරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,763,219 කි.
එරට සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පවසන්නේ, කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසට ආසන්න වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් මේ වන තෙක් මෙක්සිකෝව එරට භාවිතය සඳහා අවසර ලබා දී ඇත්තේ, Pfizer එන්නත සඳහා පමණක් වන අතර එය ලබා ගැනීම ප්‍රමාද වීම හමුවේ පෞද්ගලික ආයතනවලට ඝෘජුව එන්නත් මිලදී ගැනීමට අවසර දී තිබේ.
මේ අතර මෙක්සිකෝව එළඹෙන මාර්තු මාසය වනවිට Sputnik V එන්නත් මාත්‍රා 7.4ක් සඳහා අවසර ලබා දීමට ද අපේක්ෂාවෙන් පසුවේ.
- කතරගම පූජා භූමියට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන ඒම තහනම් කෙරේ
- සෞඛ්‍ය සේවකයින්ගේ විශේෂ සේවා මුර ක්‍රමය තවදුරටත්
- නගරයෙන් නගරයට වැලි සමූපකාර
- බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් කෝපා කමිටුව හමුවට
- බටහිර පර්යන්ත ව්‍යාපෘතිය: ලංකා රජය ගැන ඉන්දීය රජයෙන් අනාවරණයක්
- ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යානයක් යොදවයි
- කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
- රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්
- ජාතික හැඳුනුම්පත් තොරතුරු Online ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්..
- කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට අද පැය 20 ක ජල කප්පාදුවක්