
එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සංචාරක එංගලන්තය අද ජය ගත්තේ ය.
ඒ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගනිමින් ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 381ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළේ ය.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 126කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 164ක ඉලක්කයක් ලබා දෙමින් ය.
ඒ අනුව පිටියට පිවිසි එංගලන්තයේ පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රෝලි ලකුණු 13කට දැවී ගියේ ය.
ජොනී බෙයාස්ටෝව් ලකුණු 29 කි.
පළමු ඉනිමේ ශතකයක් වාර්තා කළ නායක ජෝ රූට් ලකුණු 11කට දැවී ගියේ ය.
ඩෑන් ලෝර්න්ස් ලකුණු 2 කි.
ඩොම් සිබ්ලි සහ ජෝස් බට්ලර් එංගලන්ත ඉනිම ගොඩනැගුවේ ය.
ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ නොබිඳුනු සබදතාව ලකුණු 75 කි.
ඩොම් සිබ්ලි නොදැවී ලකුණු 56ක් රැස් කළේය.
ජෝස් බට්ලර් නොදැවී ලකුණු 46 කි.
එංගලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 43යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී සිටියදී ය.
තරගාවලියේ පළමු තරගය කඩුළු 7කින් ජයගත් එංගලන්තය තරග 2ට 0ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ය.
2014 වසරෙන් අනතුරුව මේ දක්වා එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නැහැ.
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
- තවත් කොරෝනා ආසාදිතයින් 170 ක්
- තවත් කොරෝනා මරණ 04ක්