ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..

ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..

ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..

කර්තෘ Chathura Sooriyabandara

25 Jan, 2021 | 7:56 am

COLOMBO (News 1st) – නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව, ඉන්දියාවේ විරෝධතා උත්සන්න වී තිබේ.

තාවකාලිකව, නව නීති අත්හිටුවීමට ඉන්දීය රජය ගෙන ආ යෝජනාව, ගොවීන් ප්‍රතික්ෂේප කළේ, සම්පූර්ණයෙන්ම නීති අත්හිටුවන ලෙස ඉල්ලමිනි.

විරෝධතාවයේ නිරත ගොවීන් ප්‍රකාශ කළේ, හෙට(26) ට්‍රැක්ටර් රැළියක් සංවිධානය කරමින් දිල්ලිය හරහා ගමන් කරනා බවයි.

ගොවීන් රැළියක් පැවැත්වීමට සැරසෙන්නේ ඉන්දියාව හෙට(26) 72වැනි ජන රජ දිනය සැමරීමට සුදානම් වන මොහොතකදී බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන්දීය පොලීසිය දැඩි නිති පනවමින් සඳහන් කළේ ගොවීන්ට දිල්ලි නුවරට පැමිණිය හැකි නමුත් ජනරජ දිනයේ පෙළපාලි සඳහා බාධා කළ නොහැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]