හුදෙකලා ප්‍රදේශ කිහිපයක වෙනසක්..

හුදෙකලා ප්‍රදේශ කිහිපයක වෙනසක්..

by Staff writer 24-01-2021 | 8:40 PM

COLOMBO (News 1st) - අද (24) සවස 6.00 සිට ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීම සහ අලුතින් පැනවීම සිදු කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

එලෙස හුදෙකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ වන්නේ,
  • වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත
  • නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කන්තොට පර සහ හිද්‍රා මාවතට ඇතුළත්වන ප්‍රදේශ
  • මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර සහ ගල්ඔලුව බටහිර
අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ වන්නේ,
  • මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත,අලුත්පාර සහ අකරගොඩ