පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

සැකකරුවෙකුට ගිනි අවියක් දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

by Staff writer 24-01-2021 | 10:58 AM

COLOMBO (News 1st) : මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකුට එම ගිනි අවිය ලබා දීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ පොලිස් කොස්තාපත්වරයාගේ වැඩ තහනම් කරන බවයි.