සබරගමුව, ගාල්ල සහ මාතරට අද වැසි..

සබරගමුව, ගාල්ල සහ මාතරට අද වැසි..

by Staff writer 24-01-2021 | 12:31 PM

COLOMBO (News 1st) : සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.