ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිවල ප්‍රධානියා දැලේ

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිවල ප්‍රධානියා අත්අඩංගුවට

by Staff writer 24-01-2021 | 1:14 PM

COLOMBO (News 1st) – ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිවල ප්‍රධානියා ලෙස හඳුන්වන Tse Chi Lop අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ඔස්ට්‍රේලියාව නිකුත් කළ වරෙන්තුවක් මත නෙදර්ලන්ත පොලිසිය විසින් ය. චීනයේ උපන් කැනේඩියානු ජාතිකයෙකු වන Tse Chi Lop වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 70 ක් වන නීති විරෝධී මත්ද්‍රව්‍ය සමාගමක ප්‍රධානියා ලෙස හඳුන්වයි. ඔස්ට්‍රේලියානු පොලීසිය විශ්වාස කරන පරිදි එරටට ඇතුළුවන නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් 70 % ක්ම පැමිණෙන්නේ මෙම සමාගම හරහා ය. ඔස්ට්‍රේලියානු පොලීසිය වසර 10 ක සිට මෙම සැකකරුව සොයමින් විමර්ශන පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.