මෙරට ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

by Staff writer 24-01-2021 | 8:13 AM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියේ ය. කොරෝනා ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ වාර්තා විය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගියේ ය. මේ අතර කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 49, 261 කි. මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පැවසුවේ, ලබන බදාදා(27) දිවයිනට රැගෙන එන කොරෝනා එන්නත් කඩිනමින් මහජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.