බුලත්කොහුපිටියේ ගැටුමක් ඝාතනයකින් කෙළවර වෙයි..

බුලත්කොහුපිටියේ ගැටුමක් ඝාතනයකින් කෙළවර වෙයි..

by Staff writer 24-01-2021 | 10:48 AM

COLOMBO (News 1st) : බුලත්කොහුපිටිය, වාගොල්ල වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන් ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ, 36 හැවිරිදි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.