අගමැති සහ කතානායක අතර විශේෂ හමුවක්

පාර්ලිමේන්තු ඉදිරි කටයුතු ගැන අගමැති සහ කතානායක අතර සාකච්ඡාවක්

by Staff writer 24-01-2021 | 6:35 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් අද පැවැත්විය. අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙලෙස හමුවුණේ කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කතානායකවරයාගේ අවධානය යොමු කර තිබේ.