
හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : අබුඩාබි සිට ත්‍රීකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවෙන් මේ වනවිට කිසිදු තෙල් කාන්දුවක් වාර්තා වී නැතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට සියලු පාර්ශව මේ වනවිට සුදානමින් පසුවන බවයි.
අබුඩාබි සිට ත්‍රීකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් ඊයේ (27)පෙරවරුවේ අනතුරට ලක් ව තිබුණි.
ඒ, හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී ගල් පරයක ගැටීමෙන් ය.
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ත්‍රීකුණාමලය වරායට සේන්දු වීමට නියමිතව තිබියදී ය.
මීටර 180 ක් දිගැති මෙම නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිටි බව සඳහන් ය.
මේ අතර ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ යාත්‍රාව ගුවනේ සිට නිරික්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුධ්රීය බල ඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානයක් යොදා ගත් බවයි.
අද උදෑසන ද බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොදා ගනිමින් නෞකාවේ නවතම තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කටුයුතු සුදානම් කර ඇති බව ද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
- පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්
- මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..
- මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ
- පාස්කු ප්‍රහාරය: සාරා ගැන ජනාධිපති කොමිසමේ වාර්තාවේ කිසිදු අවධානයක් යොමු කර නැහැ – ශ්‍රීලනිප විධායක සභාව
- එංගලන්තයට එරෙහිව ඉන්දියාවට විශිෂ්ට ජයක්: දින 2න් ටෙස්ට් තරගය අවසන්..
- සෞදි – අමෙරිකා සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින්ගේ එකඟතා..
- සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බවට බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මළ සිරුරු භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..