
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
කර්තෘ Staff writer
දේශීය පුවත්
1. 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී.. : ෂුක්රා මුනව්වර් දියණිය ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට ඊයේ (23) සමත් විය.
2. කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු හෙට.. – කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට
(25 ) බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
3. සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා.. – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට Covid-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
4. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිමේ සුදුසුකම්වල සංශෝධනයක් – ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
5. ඉන්දියාවේ සිට කොරෝනා එන්නත් තොගයක් ලබන බදාදා මෙරටට.. – ඉන්දියාවේ සිට කොරෝනා එනනත් මාත්‍රා තොගයක් ලබන 27 වැනි දා දිවයිනට රැගෙන ඒමට පියවර ගනනා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
විදෙස් පුවත්
1. ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි – ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රීඩා පුවත්
1. දිල්රුවන්ගේ සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩ යයි:දික්වැල්ලට මංගල ටෙස්ට් ශතකය අහිමි වෙයි : ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.
- පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්
- මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..
- මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ
- පාස්කු ප්‍රහාරය: සාරා ගැන ජනාධිපති කොමිසමේ වාර්තාවේ කිසිදු අවධානයක් යොමු කර නැහැ – ශ්‍රීලනිප විධායක සභාව
- එංගලන්තයට එරෙහිව ඉන්දියාවට විශිෂ්ට ජයක්: දින 2න් ටෙස්ට් තරගය අවසන්..
- සෞදි – අමෙරිකා සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින්ගේ එකඟතා..
- සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බවට බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මළ සිරුරු භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..