එඩ්වින් සර්ගේ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස් මත..

එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

by Staff writer 24-01-2021 | 8:21 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලාංකීය ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ට ක්‍රියාධරයෙකු වූ අභාවප්‍රාප්ත, කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා අද පෙරවරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ , ඒ අනුව අද පෙරවරු 10.00 සිට හෙට පස්වරු 3.30 දක්වා කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය එම මල් ශාලාවේ තැන්පත් කර තැබෙන බවයි. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භුමියේ ඉදිකෙරෙන විශේෂ චිතකයකදී හෙට(25) පස්වරු 5.00 ට සිදු කෙරෙනු ඇති. පවත්නා කොරෝනා වෛරසය හා සම්බන්ධ තත්ත්වය මත මෙම අවමංගල්‍ය කටයුතු සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂක උපදෙස් හා මගපෙන්වීම පරිදි සිදු කෙරෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.