ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-01-2021 | 6:24 AM

දේශීය පුවත්

1. වරාය රැකගන්න කටයුතු කරන මාධ්‍ය හා කණ්ඩායම් බරපතල අවදානමක – පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි: නැගෙනහිර පර්යන්තය රැකගන්න කටයුතු කරන ව්‍යාපාර හා මාධ්‍ය ආයතන අවදානමක පසුවන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. 2. කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්: COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක අද (23) පෙරහුරුවක් සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 3. මානව හිමිකම් කඩවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක්: තිරසාර සාමය සහ සංහිඳියාව දිනා ගැනීම සඳහාත්, වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීමටත් එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. 4. කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි: මාධ්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

විදෙස් පුවත්

5. බැග්ඩෑඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී: ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.