කන්දන්කුලම් වැවේ ජල කාන්දුව පිළිසකර කෙරේ

කිලිනොච්චි, කන්දන්කුලම් වැවේ ජල කාන්දුව පිළිසකර කෙරේ

by Staff writer 23-01-2021 | 7:45 AM

COLOMBO (News 1st) - කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කන්දන්කුලම් වැවේ හටගෙන තිබූ ජල කාන්දුව මේ වනවිට පිළිසකර කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීෂ්වරම් මහත්මිය පැවසුවාය.

දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවේ, වාරි මාර්ග ඉංජිනේරුවන්, රාජ්‍ය සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව පෙරේදා දිනයේදීම ජල කාන්දුව සිදු වූ ස්ථානය පිළිසකර කිරීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත් වැව ආශ්‍රිත ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා ය.