රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ

by Staff writer 23-01-2021 | 7:08 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.

මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3 කින් දීර්ඝ කර ඇති බවයි.