by Chathurika Jayasundara 23-01-2021 | 5:47 PM
COLOMBO (News 1st) – කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ජන සන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ක්‍රියාධරයෙකු මෙන්ම සුවිශේෂි විෂය දැනුමක් ලොවට දායාද කළ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
එඩ්වින් ආරියදාස මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඒ මහතා 98වැනි වියේ පසුවිය.
ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු , ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකිය.