කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..

කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..

කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..

කර්තෘ Staff writer

23 Jan, 2021 | 7:05 am

COLOMBO (News 1st) – කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතව මේ වනවිට කොරෝනා අසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් 635 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]