
කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු අනිද්දා (25 ) බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, අනිද්දා සවස 3.30ට අවමංගල සභාව ආරම්භ කෙරෙන අතර ආදාහන කටයුතු පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත ය.
දේහය හෙට (24) පෙරවරු 10.00 සිට පස්වරු 3.30 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට නියමිතය.
මේ අතර එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ජන සන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ ක්‍රියාධරයෙකු මෙන්ම සුවිශේෂි විෂය දැනුමක් ලොවට දායාද කළ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
එඩ්වින් ආරියදාස මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඒ මහතා 98වැනි වියේ පසුවිය.
ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු , ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකිය.
- BREAKING NEWS: කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ..
- කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට
- තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි
- පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව
- පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..
- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 ක් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ..
- ‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතිය ජනපතිට පිළිගන්වයි
- සා /පෙළ විභාගයට අදාළව සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන
- චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ