අද වනවිට කොරෝනා තත්ත්වය මෙන්න..

අද වනවිට කොරෝනා තත්ත්වය මෙන්න..

අද වනවිට කොරෝනා තත්ත්වය මෙන්න..

කර්තෘ Hashini De Mel

23 Jan, 2021 | 1:12 pm

COLOMBO (News 1st) – අද(23) උදෑසන වනවිට මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 3 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් ය.

ඉතිරි ආසාදිතයින් 784 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139 කි.

ඊට අමතරව, නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක් ලෙස වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 436 වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

අද(23) උදෑසන වනවිට මෙරට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 56,862 ක් ලෙස සටහන්ව ඇති අතර ඉන් පුද්ගලයින් 48,616 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ආසාදිතයින් 7,968 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනු ඇති.

මේ අතර තව ත් කොරෝනා ආසාදිත මරණ 02 ක් ඊයේ වාර්තා විය.

ඔවුන් කොළඹ සහ හෝමාගම යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත මරණ කොරෝනා සංඛ්‍යාව 278 කි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ (22) දිනය තුළ PCR පරීක්ෂණ 19,285 ක් සිදු කළ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]