by Staff writer 22-01-2021 | 8:16 AM
COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ට Online ඔස්සේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා ව්‍යාප්තියත් සමග ඥාතීන්ට බන්ධනාගාර වෙත පැමිණීම සීමා කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.