Covid-19 - Oxford එන්නතට අනුමැතිය ලැබෙයි

COVID 19 - Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි

by Staff writer 22-01-2021 | 12:01 PM

COLOMBO (News 1st) : Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හිමිව තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද කොළඹ පැවති උත්සවයකදී ය. අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ, ඒ අනුව නොබෝ දිනකින් එන්නත මෙරට භාවිතය සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවයි. එමෙන් ම තවත් එන්නත් කිහිපයක් සඳහා ද අයදුම්පත් යොමු වී ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.