COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි

COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි

COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි

කර්තෘ Staff writer

22 Jan, 2021 | 12:01 pm

COLOMBO (News 1st) : Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හිමිව තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද කොළඹ පැවති උත්සවයකදී ය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ, ඒ අනුව නොබෝ දිනකින් එන්නත මෙරට භාවිතය සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවයි.

එමෙන් ම තවත් එන්නත් කිහිපයක් සඳහා ද අයදුම්පත් යොමු වී ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]