රක්වානේ පතලකින් මතු වූ සිරුර..

රක්වානේ පතලකින් මතු වූ සිරුර..

by Staff writer 22-01-2021 | 8:20 AM

COLOMBO (News 1st) - රක්වාන පොලිස් වසමේ බෝටියතැන්න ප්‍රදේශයේ පරණ පතල් වලක තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි දෙදරු පියෙකු බව තහවුරු වී ඇත. ඔහු කොළඹ පෙදරේරු රැකියාවක නිරත වී සිට ඇතැයි අප වාර්තාකරු පැවසුවේය. ඔහු කොළඹ සිට රක්වානට පැමිණ ඇත්තේ මීට දින 8කට පෙරයි. ඔහු කොළඹ සිට පැමිණි බස් රථය රක්වාන 03 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ. එම නිසා එතැන් පටන් එම පුද්ගලයා පා ගමනින් සිය නිවසට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. තම සොහොයුරුගෙන් පිළිතුරක් නොමැති හෙයින් පසුගිය 18වැනිදා සොයුරිය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව කළ පරීක්ෂණවලදී ඊයේ ඔහුගේ සිරුර සොයා ගැනුණේ රක්වාන - පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 20 ක දුරින් වූ පරණ පතල් වලක තිබියදීය. පැල්මඩුල්ල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් චමත් අමරසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. ඒ අනුව ඔහු නියෝග කළේ සිරුර රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.