මැතිව්ස්-චන්දිමාල්ගෙන් ශක්තිමත් ඉනිමක්

මැතිව්ස් - චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි..

by Chathuranga Rajapaksha 22-01-2021 | 6:16 PM

COLOMBO (News 1st) - එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු ගණන 229කි.

ගාල්ලේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් දිනා ගත්තේය. ලහිරු තිරිමාන්න ලකුණු 43කට දැවී ගියේය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු නොදැවී ලබා සිටින ලකුණු ගණන 107කි. නායක දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 20වන අර්ධ ශතකය වාර්තා කළේය. චන්දිමාල් ලබාගත් ලකුණු ගණන 52කි. කඩුලේ නොදැවී සිටින නිරෝෂන් දික්වැල්ල ලබා සිටින ලකුණු ගණන 19කි. ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත්තේය. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී.