බෝඩිමෙන් පැන ගිය කොරෝනා රෝගියා සොයා ගනී

බෝඩිමෙන් පැන්න කොරෝනා රෝගියා කටුනායකින් සොයා ගනී

by Sagarika Chathumali 22-01-2021 | 9:53 AM

COLOMBO (News 1st) : කටුනායක ප්‍රදේශයේ සිය නවාතැන්පොළින් පලා ගොස් සිටි කෝවිඩ් රෝගියෙකු කටුනායක 18 කණුව ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

කටුනායක ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන මෙම සේවකයා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ, රැගෙන යාමට පැමිණෙන තුරු  නවැතැන්පොළේ ම රැඳී සිටින ලෙසයි. කෙසේවෙතත් බලධාරීන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට පිටත්ව ගිය අවස්ථාවේ දැන ගන්නට ලැබ ඇත්තේ, එම ස්ථානයේ ඔහු නොමැති බවයි. පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී පදවිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම පුද්ගලයා කටුනායක 18 කණුව ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ. පසුව 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු රැගෙන ගෝ මීගමුව රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.