බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී

බැග්ඩෑඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී

by Staff writer 22-01-2021 | 8:59 AM

COLOMBO (News 1st) : ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.

ඊයේ එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 32 කි. තවත් 110 දෙනෙකු පමණ ප්‍රහාරය හේතුවෙන් තුවල ලබා රෝහල්ගත කර තිබේ. 2017 වසරෙන් පසු ඉරාකයට එල්ල වූ කුරිරුම ප්‍රහාරය ලෙස මෙය විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.