නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට යෝජනාවලියක්

නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට යෝජනාවලියක්

by Staff writer 22-01-2021 | 3:37 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවලිය අද දහවල් වරාය අධිකාරියේ බලධාරීන් වෙත භාර දී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, කොළඹ වරාය නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් කොළඹ වරායේ සිට පා ගමනින් කොළඹ වරාය අධිකාරියට පැමිණි බවයි. එහිදී නියෝජිතයින් 11 දෙනෙකුට වරාය අධිකාරියට ඇතුළු වීමට අවසර හිමි වී ඇත.