කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්

කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්

by Hashini De Mel 22-01-2021 | 5:18 PM

COLOMBO (News 1st) - COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක හෙට(23) පෙරහුරුවක් සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද(22) කොළඹ පැවති උත්සවයකදී ය.