එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 22-01-2021 | 3:50 PM

COLOMBO (News 1st) - මාධ්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වසය අවුරුදු 98 කි. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමකින් සමන්විත කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා පුවත්පත් කලාවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම සන්නිවේදන ආචාර්යවරයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේ ය.