ඔලිම්පික් යළි කල් යයි ද?

ඔලිම්පික් ක්‍රීඩා උළෙල යළි කල් යයි ද?

by Sagarika Chathumali 22-01-2021 | 4:44 PM

COLOMBO (News 1st) :ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවැත්වීමේ සැලසුම වෙනස් කර නොමැති බවත් තවදුරටත් එය පැවැත්වීමේ අධිෂ්‍ඨනයෙන් යුතුව කටයුතු කරන බවත් ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇති බවට පළ වන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් සහ අන්තර්ජාතික ඔලිම්පික කමිටුව සමග මේ සම්බන්ධයෙන් තමා තවදුරටත් සමීපව කටුයුතු කරන බවයි. පසුගිය වසරේ ජූලි මාසයේදී ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම වසරේ ජූලි මස 23 වනදා දක්වා කල් දැමිණ ඒ අනුව සැලසුම් කර ඇත්තේ, ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ජපානයේදී පැවැත්වීමටයි.