වරාය රැකගන්න කටයුතු කරන මාධ්‍ය හා කණ්ඩායම් බරපතල අවදානමක - පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි

by Staff writer 22-01-2021 | 8:03 PM
නැගෙනහිර පර්යන්තය රැකගන්න කටයුතු කරන ව්‍යාපාර හා මාධ්‍ය ආයතන අවදානමක පසුවන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉන්දියාව අතීතයේ සිට මෙවැනි අතපෙවීම් සිදුකිරීමේදී, රාජතාන්ත්‍රික සම්බන්ධතා බිඳ වැටෙන ආකාරයට කටුයුතු කර ඇති බවයි. ඒ අනුව ගත් කළ, මෙම ගනුදෙනුවට බාධා පමුණුවන පිරිස් හා මාධ්‍යවලට එරෙහිව ද ප්‍රහාර දියත්වීමේ අවදානමක් ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.
"ඉන්දියාව හැමදාම මත්ස්‍ය න්‍යාය අනුගමනය කළා අපේ රටට විරුද්ධව.අපිව හැමදාම ඔවුන්ගේ ගොඳුරක් කර ගන්න ලෑස්ති කරා. එහි නරකම ප්‍රතිඵලය තමයි අපි දැක්කා අපේ රාජ්‍ය නායකයින් කීපදෙනෙක්ම ඝාතනයට ලක්වෙනවා. ප්‍රේමදාස මහත්මාගේ ඝාතනය ගැන පවා ඉන්දියාවට චෝදනා ලැබුණා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව යම් කිසි සාධාරණ සැකයක් මතු වෙලා යනවා ඉන්දියාවේ යම් කිසි සම්බන්ධයක් පාස්කු ප්‍රහාරය මත තිබුණා කියලා." - පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි - සභාපති : සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය "දැන් මේ තත්තවයන් එක්ක ඉන්දියාවට විරුද්ධව ගොඩනැගෙන මතවාද හදන මාධ්‍ය ආයතන හෙට අනිද්දා ප්‍රහාරයට ලක්වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෝ, නිර්නාමිකව මහ මග මරලා දාන්න පුළුවන්. කවුරු මරලා දැම්මාද කියලා හොයා ගන්න බැරිවෙයි. ඉන්දියාව බලහත්කාරයෙන් හෝ මේ ගනුදෙනුව සිද්ධ කරන නිසා ඉතාම නරක තත්ත්වයක් තමයි ඉන්දියාව අපේ නායකයෝ ඝාතනය කරලා හෝ මේ අරමුණ සදහා ක්‍රියාත්මක වීමට ඇවිල්ලා තියෙනවා." - පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි - සභාපති : සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය

සම්පූර්ණ කතාව..

https://youtu.be/OeLurkRUzgs