
මානව හිමිකම් කඩවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක්
මානව හිමිකම් කඩවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – තිරසාර සාමය සහ සංහිඳියාව දිනා ගැනීම සඳහාත්, වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීමටත් එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කරමින්ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 ඔක්තෝබර් මාසයේ සම්මත කළ “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” පිළිබඳ 30/1 යෝජනාවට සහ ඒ හා බැඳුණු තවත් යෝජනා දෙකකට එවක රජය සමඅනුග්රහය දක්වා තිබුණි.
වත්මන් රජය 43 වන සැසිවාරයේදී දැනුම් දුන්නේ, සමඅනුග්රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බවයි.
කෙසේවෙතත් මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් ගැන විමර්ශනයට දැනටමත් කොමිෂන් සභා සහ කමිටු කිහිපයක්ම පත් කර නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කරමින් නියෝග කළේ, දැනටමත් ඉදිරිපත්ව ඇති වාර්තා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ සිදුකර ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන ලෙසය.
එහි සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා කටයුතු කරනු ඇති.
විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරයෙකුවන නිමල් අබේසිරි යන මහත්වරුන් කොමිසමේ සෙසු සමාජිකයින් වේ.
- BREAKING NEWS: කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ..
- කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට
- තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි
- පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව
- පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..
- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 ක් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ..
- ‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතිය ජනපතිට පිළිගන්වයි
- සා /පෙළ විභාගයට අදාළව සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන
- චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ