ශානි යළි රිමාන්ඩ්..

CID හිටපු අධ්‍යක්ෂ ශානි යළි රිමාන්ඩ්..

by Staff writer 21-01-2021 | 2:22 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ , එම නඩුව අද ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනිණි. ශානි අබේසේකර මහතාට අමතරව , රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ සෙසු සැකකරුවන් වන්නේ , ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩි.නවරත්න ප්‍රේමතිලක යන අයයි. සැකකාර එච්.ඩී නවරත්න ප්‍රේමතිලකගෙන් , මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබා ගත් බව ද පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.