
CID හිටපු අධ්යක්ෂ ශානි යළි රිමාන්ඩ්..
CID හිටපු අධ්යක්ෂ ශානි යළි රිමාන්ඩ්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ , එම නඩුව අද ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනිණි.
ශානි අබේසේකර මහතාට අමතරව , රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ සෙසු සැකකරුවන් වන්නේ , ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩි.නවරත්න ප්‍රේමතිලක
යන අයයි.
සැකකාර එච්.ඩී නවරත්න ප්‍රේමතිලකගෙන් , මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබා ගත් බව ද පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
- කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
- නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..