''ලෝකය අපි දිහා බලං ඉන්නවා..''

''ලෝකය අපි දිහා බලං ඉන්නවා..'' - ජෝ බයිඩ්න්

by Staff writer 21-01-2021 | 1:04 PM

(News 1st): 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩ්න්ගේ  අදහසට අනුව මේ එළැඹුණේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිනයයි.

එය අර්ථ ගන්වමින් නව ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවරදී දිවුරුම් දුන්නේ ය. ජනාධිපතිවරණ ප්‍රතිඵලත් සමග එළඹුණු අමිහිරි අත්දැකීම් අමතක කරමින් ජෝ බයිඩ්න් සමස්ත ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවට ඊයේ සහතික විය. ජනපති ධුරයේ දිවුරුම් දෙමින් නව ජනාධිපතිවරයා පැවසුවේ, අද ප්‍රජාතන්ත්‍රවාදයේ දිනය බවයි.
''මේ ඇමරිකාවේ දිනයයි. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිනයයි . ඉතිහාසය හා බලාපොරොත්තුව අලුත් කිරීමේ අධිෂ්ඨාන ගත දිනයයි. අද අපි සමරන්නේ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය නෙවෙයි . ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය. අවසානයේ ජනතාවගේ කැමැත්තට අවනත වෙන්න සිදුවුණා .ප්‍රජාතන්ත්‍රවාදය අනර්ඝයි. බිඳෙන සුළුයි සහ එය ජයගන්නා බව අපි යළිත් වරක් ඉගෙන ගත්තා. අමෙරිකානු මතවාදය ඉතිහාසයේ ඉදලා අපිට කියන්නේ අපි සියලු දෙනාම එක හා සාමානයි කියලා. නමුත් කටුක නීරස සත්‍ය තමයි ජාතිවාදය ග්‍රෝතවාදය භය අපි සියලු දෙනාම වෙන්කරලා තියෙනවා.  ඇත්ත සහ බොරුව තියෙනවා. බොරු කියන්නෙ, බලය සහ ධනය වෙනුවෙන් මම ඔබට පොරොන්දු වෙනවා. අපි මේ තත්ත්වයෙන් ගොඩ එනවා.ලෝකය අපි දිහා බලාගෙන ඉනන්වා..''
ඔහු මේ අදහස් පළ කළේ , Covid 19 වසංගතයෙන් මියගිය ලක්ෂ 4කට වැඩි අමෙරිකානු වැසියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කිරීමෙන් අනතුරුවයි. කොරෝනා වසංගතය සහ කැපිටල් මන්දිරයට එල්ලවූ මැර ප්‍රහාරය නිසා අභිනව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම සිදු කෙරුණේ දැඩි ආරක්ෂිත රැකවරණ මධ්‍යයේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූවද,ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් සහ බැරක් ඔබාමා යන හිටපු ජනාධිපතිවරුන් නව ජනාධිපතිවරයා හා ගෞරවයෙන් පිළි ගැනීමට පැමිණ සිටියහ. සම්ප්‍රදායට අනුව මුලින් දිවුරුම් දුන්නේ උප ජනාධිපතිනියයි. ඉන්දීය හා කැරිබියානු සම්භවයකින් යුත් ඇමරිකාවේ පළමු උප ජනාධිපතිනිය වන කමලා දේවි හැරිස්ට උණුසුම් සුබ පැතුම් එක් කොට හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් නික්ම ගියේ ය. දිවුරුම් දීමේ උත්සවයේ ජාතික ගීය ගැයීමට ඇරයුම් ලැබ සිටියේය සිටියේ ජනප්‍රිය ගායිකා ලේඩි ගාගා ය. අමෙරිකාව භාර ගත් ජෝ බයිඩන් පුන පුනා කියා සිටියේ කළු සුදු වර්ණය නොව අනාගතයට මාර්ගය එකමුතුකම බවයි. නව ජනාධිපතිවරයා දැනටමත් විධායක නියෝග පහළොවකට අත්සන්කර තිබේ. ඉන් බොහොමයක අරමුණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහමුලින්ම වෙනස් කිරීමයි. මේ යටතේ පැරිස් දේශගුණික ගිවිසුමට ඇමරිකාව යළි එක් වීමට තීරණය කර ඇති බවද බව ද වාර්තා වේ.