ග්‍රාම නිලධාරී වසම් 11ක Lockdown ඇරේ

ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලාබව ඉවතට

by Sagarika Chathumali 21-01-2021 | 4:52 PM

COLOMBO (News 1st) : කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද (21) සවස 6.00 සිට ඉවත් කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ, ඒ අනුව  පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව එලෙස ඉවත් කරන බවයි. කාත්න්කුඩි පොලිස් වසම  ?165 කාත්න්කුඩි ග්‍රාම නිලධාරී වසම 03 ?165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර ?165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර ?166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02 ?166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර ?167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර ?167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර ?167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර   බණ්ඩාරගම , අටලුගම ?660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම ?659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම   මොනරාගල, බඩල්කුඹුර ?අළුපොත ග්‍රාම නිලධාරී වසම

සබැඳි පුවත්...