අමෙරිකානු නව ජනපතිට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

by Staff writer 21-01-2021 | 11:23 AM

COLOMBO (News 1st) - ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජෝ බයිඩ්න්ට සහ උපජනාධිපති කමලා හැරිසන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අමෙරිකානු ජනපතිට සහ උපජනපතිට සුබ පැතුම් එක්කර ඇත.