අක්ෂි රෝහලට එන රෝගීන්ට දැනුම්දීමක්

අක්ෂි රෝහලට එන්න කලින් අනිවාර්යෙන් ඇමතුමක් දෙන්න

by Sagarika Chathumali 21-01-2021 | 4:19 PM

COLOMBO (News 1st) : ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා පැමිණෙන පැමිණෙන රෝගීන් වෙනුවෙන් විශේෂ දුරකතන සේවාවක් හඳුන්වා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රෝහල් අධ්‍යක්ෂතුමිය දැනුම්දී සිටින්නේ, ‌සායනවලට පැමිණීමට ප්‍රථම රෝගීන් ඇමතුමක් දී දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බවයි. තමාගේ සායනය පවත්වනු ලබන කාමර අංකයට අදාළ දුරකතන අංකයට රාජකාරී දිනයන්හිදී ඇමතුමක් දී දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතු වේ. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කොවිඩ් - 19 තත්ත්වය සමග අක්ෂි රෝහලේ සායන සඳහා දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණීම හුවේ විධිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අපහසු වී අති බැවින් මෙම පියවර ගත් බවයි. අක්ෂි රෝහලේ සායනික දුරකතන අංක සඳහන් ලේඛනය පහතින්....