
ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී
ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
මාලිංග නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සිය පවුලේ සාමාජිකයන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹි බවයි.
මේ අතර මාලිංගගේ තීරණයට ගරු කරන බව අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද ප්‍රකාශ කර ඇත.
2004 වසරේදී ටෙස්ට් වරම් දිනූ ලසිත් මාලිංග 2010 වසරේදී ටෙස්ට් පිටියට සමු දෙන විට තරග 30 කදී කඩුලු 101ක් දවාගෙන සිටියේ ය.
එක්දින තරග 226 කදී ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 338 කි.
පන්දුවාර 20යි 20 පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මාලිංග තරග 84කදී කඩුලු 107ක් දවා ගැනීමට සමත් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග්, ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් වැනි ලීග් තරග බිමේදී ද ඉහළ දක්ෂතා දැක්වූ ඔහු වසර 12ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්නේ ය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 122 කට සහභාගී වූ මාලිංග කඩුලු 170ක් දවා ගත් අතර එම කණ්ඩායමට අවස්ථා 4කදී අයි.පී.එල් කිරුළ දිනා දීමට ද දායක විය.
අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ලසිත් මාලිංගයි.
මේ වනවිට ටෙස්ට් සහ එක්දින තරග බිමෙන් සමුගෙන සිටින මාලිංග ඉදිරියේදී පන්දුවාර 20යි 20 තරග බිමෙන් ද සමු ගැනීමේ සූදානමින් පසු වේ.
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
- කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
- නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..